Sri Lanka

  • lankadeepa.lk
  • 9 hours ago

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මීට සුළු මොහොතකටය පෙර වැඩ බාරගත්තේය.

  • lankadeepa.lk
  • 9 hours ago

අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද(21) අලුයම කිසියම් පිරිසක් පහර දී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

  • lankadeepa.lk
  • 12 hours ago

පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 18 කණුව ප්‍රදේශයේදී අද(21) අලුයම සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු ඇතුළු අටදෙනෙකු නොච්චියාගම රෝහලට ඇතුළත් කළ සාලියවැව පොලීසිය කියයි.

  • lankadeepa.lk
  • 1 day ago

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව මේ වසරේ මාර්තු මාසයේදී සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගැටලු මතුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි.

  • lankadeepa.lk
  • 1 day ago

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

  • lankadeepa.lk
  • 1 day ago

ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

  • lankadeepa.lk
  • 1 day ago

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

  • lankadeepa.lk
  • 1 day ago

‘පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්’ යනුවෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියේ ඇතුළත් ඇතැම් කරුණු සාවද්‍ය බව වාර්තා වේ.

  • lankadeepa.lk
  • 1 day ago

නුවරඑළිය බ්ලැක්ෆූල් කඳවුරේ සහරාන් යටතේ පුහුණුව ලද මව්ලවිවරු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

  • lankadeepa.lk
  • 2 days ago

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) නිවේදනයක් නිකුත් නිකුත් කරමින් කියා සිටී.